නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරකින් ස්වාමීන්වහන්සේලා 7 ක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව එම අනතුරෙන් ස්වාමීන්වහන්සේලා 7 ක් අපවත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බවත් බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.