නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන භික්ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා, බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමින් නික්ම ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.