අමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව (US Federal Reserve) පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, රටේ පවතින වර්තමාන ණය ශ්‍රේණිගත කිරීමේ (credit rating) මට්ටම හේතුවෙන් කෙටිකාලීන කළඹ ආයෝජන (short-term portfolio investments) රට තුළට ගලා ඒම අවහිර වී තිබීමයි.
ඊයේ (24) පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපතිවරයා මේ බව සඳහන් කළා.
“වාණිජ වෙළෙඳපොළට ගොස් ප්රාග්ධනය රැස් කිරීමට රජය සැලසුම් කළා නම් මෙම පොලී අනුපාත අඩු කිරීම වාසිදායක වන්නට තිබුණා. නමුත් දැනට එවැනි සැලසුමක් නැහැ” යනුවෙනුයි එහිදී ඔහු පෙන්වා දුන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
” 2025 වසරේ තෙවන කාර්තුවේ දී අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනතුරුව උද්ධමනය ක්‍රමයෙන් ඉහළ ගොස් 2026 වසරේ මැද භාගයේ දී 5%ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇත. මැදි කාලීනව, උද්ධමන ගමන් මගෙහි තාවකාලික ඉහළ යෑම ඇති වුවත්, උද්ධමනය 5% ඉලක්කය ආසන්නයේ ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ. වර්තමානයේ පහළ ධන අගයක පවත්නා මූලික උද්ධමනය, ක්‍රමයෙන් ඉහළ ගොස් මැදි කාලීනව ස්ථාවර වනු ඇතැයි අපේක්ෂිතය. උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑම හෝ පහළ යෑම සඳහා බලපෑ හැකි අවදා නම් පවතී. කෙසේ වෙතත්, ඉදිරි කාලයේ දී උද්ධමන පුරෝකථන සාක්ෂාත් වීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුව වඩාත් තුලිත ඉදිරි දැක්මක් සපයයි.”