හෙද නිලධාරීන්ට ඔක්තෝබරයේදී පත්වීම්

හෙද නිල­ධා­රීන්ට පත්වීම් ලබා­දීම ඔක්තෝ­බර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලු දෙනා උතුරු, නැඟෙ­න­හිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආය­ත­න­වල සේවා­වට අනු­යුක්ත කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

2019 සිසු හෙද කණ්ඩා­යම ඔක්තෝ­බර් මාසයේ පත්වීම් ලබන බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. ජාතික ජන බල­වේ­ගයේ යාප­නය දිස්ත්‍රික් මන්ත්‍රී රජී­වන් ජෙය­ච­න්ද්‍ර­මූර්ති මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

යාප­නයේ “බී” වර්ගයේ රෝහල් 5කුත්, කිළි­නො­ච්චියේ බී වර්ගයේ රෝහ­ල­කුත් තිබෙන අතර යාප­නයේ සී වර්ගයේ රෝහල් 18කුත් කිළි­නො­ච්චියේ 6කුත් ස්ථාපිත බව ද ඇමැ­ති­ව­රයා කීය. යාප­නය හා කිළි­නොච්චි දිස්ත්‍රි­ක්ක­යන්හි ප්‍රාදේ­ශීය රෝහල් 30ක් ස්ථාපිත බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පශ්චාත් සීමා­වා­සික වෛද්‍ය නිල­ධා­රීන් 1,374ක් සඳහා සැප්තැ­ම්බර් 15 වැනිදා රාජ­කා­රි­යට වාර්තා කිරී­මට හැකි වන පරිදි පත්වීම් ලබා­දීම සිදු­කර ඇත. එම නිල­ධා­රී­න්ගෙන් පිරි­සක් යාප­නය හා කිළි­නො­ච්චිය රෝහ­ල්ව­ලට අනු­යුක්ත කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

රේඛීය අමා­ත්‍යාං­ශ­යට අයත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආය­ත­න­ව­ලට අවශ්‍ය සෞඛ්‍ය සේවක පුර­ප්පාඩු පිර­වී­මෙන් පසුව ආණ්ඩු­කා­ර­ව­රුන් සමඟ සාකච්ඡා කර පළාත් සෞඛ්‍ය ආය­ත­න­ව­ලට අවශ්‍ය සේවක පිරිස බඳවා ගැනී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ස්වර්ණා විජේකෝන්

මහින්ද අලුත්ගෙදර

සන්ධ්‍යා කරුණාරත්න