ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම සියයට 10කින් ඉහළට

2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම සියයට 10කින් ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මගීන් සංඛ්‍යාව සියයට 22කින්ද, ධාරිතාව 10කින්ද වර්ධනය වී ඇති බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ.

එමෙන්ම මෙම වසරේ ගතවූ කාලය දක්වා කාලානුගතිකත්ව කාර්යසාධනය සියයට 74ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කළා.

එය පසුගිය වසරේ දැක්වුණේ සියයට 69ක් ලෙසයි.

ඊට අමතරව, එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයුම්වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් නැවත සේවයට එක් කර ඇති බවත් ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් එලෙස නැවත සේවයට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.