ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පෞද්ගලික ගැටලුවක් නොමැති බවත්, ඔහු මේ වන විට වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා බවත්, ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙසත් විපක්ෂ නායක ඉල්ලා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ, නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව ද සඳහන් කරමිනි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදු නොවූ බැවින් ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියකු සූම් තාක්ෂණය හරහා එක්ව අදහස් දක්වා ඇති බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවත් මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න