හිටපු ඇමති උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවහොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මෙම දැනුම්දීම සිදුකළා.