ලබන වසර මුල දී නාසා ආයතනයෙන් සඳවටා ගමනක් දියත් කරයි

ලෝකයේ චන්ද්‍ර මෙහෙයුමක් සිදුව දැනට වසර 50ක් ගතවී ඇති නිසා 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනය මෙලෙස ගගනගාමීන් හතර දෙනෙකු යවා නැවත පරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක කරන බව සඳහන්ය.

නාසා හි වැඩබලන නියෝජ්‍ය සහකාර පරිපාලක ලකීෂා හෝකින්ස් පවසා ඇත්තේ මෙය මානව අභ්‍යවකාශ ගවේෂණයේ වැදගත් අවස්ථාවක් වනු ඇති බව වන අතරආටෙමිස් II නමින් හැදින්වෙන මෙම මෙහෙයුමේ දී ගමන් කරනු ලබන ගගනගාමීන් සිව්දෙනා දින දහයක වට සංචාරයකින් පසු නැවත පෘථිවියට පැමිනණීමට නියමිත ය.

චන්ද්‍ර ගොඩබෑම සඳහා රොකට්ටුව සහ අභ්‍යවකාශ යානා පද්ධති පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබේ.

මෙහෙයුමේ සාර්ථකත්වය මත නාසා ආයතනය සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් III දියත් කළ හැක්කේ කොපමණ කලකින්ද යන්න තීරණය කරන නමුත් මෙහෙයුම පරිපූර්ණත්වයට ගියත් 2027 මැද භාගයට පෙර ආටෙමිස් III දියත් කළ නොහැකි බව වැඩිදුර සඳහන් කරයි.