මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ ගන්න “නාකොටික්” අධිකරණයෙන් අවසර ඉල්ලයි

අපරාධ කල්ලි නායකයෙකු බව කියන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් යන අයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේදී.
බුස්ස බන්ධනාගාරයේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීදිගම රුවන්ගෙන් ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.

නීති විරෝධී ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කිරිම සඳහා මීදිගම රුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ,

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.