නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම සඳහා 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනතක් හඳුන්වාදීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා.
නමුත්, මීට පෙර පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 07ක් ගොනුකර තිබුණු බවයි සඳහන් වෙන්නේ.
එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය සහ පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභා විසින් ලබාදෙන ලද මඟ පෙන්වීම් ද සැලකිල්ලට ගෙන, නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු කර ඇති අතර, ඒ යටතේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව කෙටුම්පතට නීතිපතිගේ නිර්දේශය ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණ පහතින්.