කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගාල්ල සිට, මාතර සහ හම්බන්තොට හරහා, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 – 60 දක්වා වැඩිවන බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බවයි සඳහන් වන්නේ.

එම මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

එසේම, හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වැඩි විය හැකි අතර, මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

මීගමුව සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 අතර ඉහළ යා හැකි බවත්, ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවයි වැඩිදුර‍ටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images