රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තිළිණ මධුශංක අද වැඩ භාර ගෙන තිබෙනවා.
ඔහු මේ වනවිටත් දෙව්නුවර ශ්රී උපුල්වන් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරනවා.
රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ධුර කාලය අදින් අවසන් වීම නිසා මෙලෙස වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.