තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි ‘Government Superapp’ නමින් යෙදවුමක් නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලීන් සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍ය වන රාජ්‍ය සේවා සැපයීම සඳහා වර්තමානයේ පවතින වෙනස් වූ ප්රවේශයන් හේතුවෙන්, පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව, පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මඟින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘Government SuperApp’ යෙදවුම වර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති බවද සඳහන්.
‘Government SuperApp’ යෙදවුම් ව්‍යාපෘතිය අදියර 02 ක් යටතේ, සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500 ක් භාවිතයෙන්, 2025 – 2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.