මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් පනස්දාහක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වරාය මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2013 වසරේ මොරටුව නගර සභාව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන, ඔහුගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.