එක් අයිස් මත්ද්‍රව්‍ය ලොරියක හිමිකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් LP-3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරු එළැඹෙන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබෙනවා.

පුද්ගල මළසිරුරු දෙකක් හමු වු තංගල්ල, සීනිමෝදර නිවස ආසන්නයේ තිබී, මත්ද්‍රව්‍ය සඟවා තිබුණු මෙම ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගෙන තිබුණා.

එම ලොරි රථයේ හිමිකරු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.

පසුව එම සැකකරු අද (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඉහත නියෝගය ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.