ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට වැසි

ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බවයි.