අද සොයාගත්තේ ගොඩබිමේදී එක් දිනකදී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය – පොලිස්පති

අද (22) දිනයේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය, ගොඩබිමේදී එක් දිනකදී සිදුකළ වැටලීමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, අද දිනයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

එසේම, අවි ආයුධ 5ක් මෙලෙස එකවර හමුවූ පළමු අවස්ථාව බවද පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.