රට පුරා අතරමග නැවතුණු ව්‍යාපෘති 17ක්

රට පුරා අතර මග නැවතුණු ව්‍යාපෘති 17ක් ඇති බවත් ඒවා නැවත ඇරඹීමට රුපියල් බිලියන 59ක වැනි දැවැන්ත වියදමක් දැරීමට සිදු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගිය දා අම්පාර මහ රෝහලේ අතරමග නැවතුණු ව්‍යාපෘති දෙකක් ඇරඹීමට එක් වෙමිනි.

එම ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් නොකිරීම නිසා, ඒවා සම්පූර්ණ කිරීම සඳහා මුල් ඇස්තමේන්තුවට වඩා දෙගුණයක වියදමක් දැරීමට රජයට සිදුවන බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නා.

එසේ නැවත ආරම්භ කළ ව්‍යාපෘති දෙක වන්නේ:

නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකය (A&E): මුලින් රුපියල් මිලියන 873ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ මෙහි සම්පූර්ණ පිරිවැය දැන් රුපියල් මිලියන 1589ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණය: මුල් ඇස්තමේන්තුව රුපියල් මිලියන 354ක් වූ අතර, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට රුපියල් මිලියන 720ක වියදමක් දැරීමට සිදුවෙනවා.