බෙල්ල කපා කතක මැරූ තිදෙ­නාට මරණ දඬු­වම

1997 වසරේ මාර්තු 17 වැනි දින හෝ ඊට අසන්න දින­ය­කදී බෙම්මුල්ල පොලිස් වසමේ අලු­ත්ගම, බෝග­මුව ප්‍රදේ­ශයේ නි‍ෙව­ස­කට අයුතු ජන­රා­ශි­යක සාමා­ජි­ක­යන් වෙමින් එම නි‍ෙව­සට ගල් මුල්ව­ලින් පහර දී එම නිවා­ස­යට අලාභ කිරීම, රථ වාහ­න­යක් ගිනි තැබීම හා ගෙහිමි කාන්තාව තියුණු ආයු­ධ­ය­කින් කපා ඝාත­නය කිරීම යන චෝදනා මත පුද්ග­ල­යන් 18 දෙන­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණයේ විභාග වූ නඩු­වක තීන්දුව ප්‍රකා­ශ­යට පත් කළ ගම්පහ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මි සිංග­පුළි මහතා එකී නඩුවේ පළමු වැනි, දෙවැනි හා දාසය වන විත්ති­ක­රු­වන්ට මරණ දඬු­වම නියම කොට අනෙ­කුත් සැක­ක­රු­වන් 13දෙනා. නිදො­ස්‌කොට නිද­හස් කළේය.

මෙම නඩුවේ සැක­ක­රු­වන් දෙදෙ­නකු නඩු විභා­ගය අත­ර­තුර දී මිය­ගොස් තිබිණ.

මෙහි දී තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් විනි­සු­රු­ව­රයා ප්‍රකාශ කොට සිටියේ මෙම සැක­ක­රු­වන් තිදෙ­නාට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් ගොනු­කොට තිබූ චෝදනා පහ­ටම ඔවුන් වර­ද­ක­රු­වන් වී ඇති බැවින් මෙම නියෝ­ගය සිදු කරන බවය. එම නි‍ෙවසේ සිටි තරු­ණි­යක හා පැවති ප්‍රේම සම්බ­න්ධ­තා­වක් හේතු­ක­ර­ගෙන දෙපි­රි­සක් අතර ඇති වූ ගැටු­ම­කින් අන­තු­රුව 25ක පමණ පිරි­සක් පැමිණ එම නි‍ෙව­සට මෙලෙස පහ­ර­දීමේ දී එම නි‍ෙවසේ සිටි චිත්‍රා ජය­සු­න්දර නමති එක් දරු මවගේ බෙල්ල තියුණු ආයු­ධ­ය­කින් කැපීම හේතු­ක­ර­ගෙන මිය­ගොස් තිබිණ.

මෙම නඩුවේ මූලික විම­ර්ශන කට­යුතු ගම්පහ පොලී­සිය මඟින් සිදු­කොට ඇති අතර ගම්පහ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ මූලික නඩු විභා­ග­යෙන් අන­තු­රුව ගම්පහ මහා­ධි­ක­ර­ණය වෙත යොමු කොට තිබිණ. මෙහි දී අලු­ත්ග­මුව, බෝග­මුව ප්‍රදේ­ශයේ ප්‍රසිද්ධ ව්‍යාපා­රි­ක­යකු හා ඔහුගේ ඥාති සොහො­යු­රන් දෙදෙ­නකු හට මරණ දඬු­වම නියම කෙරිණ.