කුකුල්මස්වලින් රට ස්වයංපෝෂිත වී ඇති බැවින් ඉදිරියේදී මස් අපනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
වී ඇතුළත් බෝග 13ක් රටට අවශ්‍ය පරිදි සකස් කර දියුණු කර අතිරික්තය අපනයනය කිරීමට ද පියවර ගන්නා බව ඇමතිවරයා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ගන්නෝරුව සේවා සංස්කරණ පුහුණු ආයතනයේ පැවැති වැඩසටහනකදීයි.
කෘෂිකර්ම ක්ෂේත්රය කෙරෙහි තරුණ තරුණියන්ගේ වැඩිපුර උනන්දුවක් දක්නට ලැබෙන බැවින් ඔවුන්ට ගැළපෙන සේ කෘෂිකර්මය දියුණු කර, රට බත බුලතින් සුරක්ෂිත කර වසර 2028 වන විට සහල් අපනයනට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ඇමතිවරයා මහිදී පැවසුවා.
මෙම ඉලක්කය කරා යෑමට ස්වෙච්ඡා බලඇණියක් සකස් කරන බවත් මේ වන විට කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබඳව තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ගේද විශාල පිපිදීමක් තිබෙන බැවින් එය අපහසු නොවන බවත් ඇමතිවරයා පෙන්වාදේ.