1997 වසරේ මාර්තු 17 වැනි දින හෝ ඊට අසන්න දිනයකදී බෙම්මුල්ල පොලිස් වසමේ අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේ නිෙවසකට අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් එම නිෙවසට ගල් මුල්වලින් පහර දී එම නිවාසයට අලාභ කිරීම, රථ වාහනයක් ගිනි තැබීම හා ගෙහිමි කාන්තාව තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීම යන චෝදනා මත පුද්ගලයන් 18 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ ගම්පහ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගපුළි මහතා එකී නඩුවේ පළමු වැනි, දෙවැනි හා දාසය වන විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කොට අනෙකුත් සැකකරුවන් 13දෙනා. නිදොස්කොට නිදහස් කළේය.
මෙම නඩුවේ සැකකරුවන් දෙදෙනකු නඩු විභාගය අතරතුර දී මියගොස් තිබිණ.
මෙහි දී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කොට සිටියේ මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකොට තිබූ චෝදනා පහටම ඔවුන් වරදකරුවන් වී ඇති බැවින් මෙම නියෝගය සිදු කරන බවය. එම නිෙවසේ සිටි තරුණියක හා පැවති ප්‍රේම සම්බන්ධතාවක් හේතුකරගෙන දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව 25ක පමණ පිරිසක් පැමිණ එම නිෙවසට මෙලෙස පහරදීමේ දී එම නිෙවසේ සිටි චිත්‍රා ජයසුන්දර නමති එක් දරු මවගේ බෙල්ල තියුණු ආයුධයකින් කැපීම හේතුකරගෙන මියගොස් තිබිණ.
මෙම නඩුවේ මූලික විමර්ශන කටයුතු ගම්පහ පොලීසිය මඟින් සිදුකොට ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයෙන් අනතුරුව ගම්පහ මහාධිකරණය වෙත යොමු කොට තිබිණ. මෙහි දී අලුත්ගමුව, බෝගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා ඔහුගේ ඥාති සොහොයුරන් දෙදෙනකු හට මරණ දඬුවම නියම කෙරිණ.