ජාතික උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය උද්ධමනය 1.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එය ජූලි මාසයේදී 0.7% ක් ලෙස වාර්තා වී තිබුණා.

ජූලි මාසයේදී 2.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, අගෝස්තු මාසයේදී 2.9% ක් දක්වා වැඩි වී තිබෙනවා.

එසේම, ජූලි මාසයේදී -0.6% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය, අගෝස්තු මාසයේදී 0.4% ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.