ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂක සහ පොලිස් කොස්තාපල් තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය ඔක්තෝබර් මස 04 වන දින පැවැත්වීමට නියමිතයි.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 07කදී අපේක්ෂකයින් 7036 දෙනෙකු මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම විභාගය කොළඹ 13 විවේකානන්ද විද්‍යාලය, කොළඹ 12 හමීඩ් අල් හුසේනි විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය, අනුරාධපුර සිද්ධාර්ථ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය යන මධ්‍යස්ථානවලදී පැවැත්වීමට නියමිතයි.
විභාගය සඳහා සුදුසුකම් ලබා, 2025 සැප්තැම්බර් 30 වන දින වන විට විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට ඒ පිළිබඳව 011-2687339 හෝ 011-2687329 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකි බව පොලිසිය දන්වා සිටිනවා.