ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් 04 සඳහා සේවකයින් සම්බන්ධ කිරීම ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
අද (22) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී ඔවුන් විසින් මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාලට භාර දී තිබෙනවා.
පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ජාතික පද්ධති පාලන (පුද්) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් (පුද්) සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා (පුද්) සමාගම සහ විදුලි ජනන ලංකා (පුද්) සමාගම යන සමාගම් හතරට මෙලෙස සේවක පිරිස් සම්බන්ධ කරගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.