විදුලිබල සේවකයන්ගේ තීරණය හෙට

හෙට (22) පස්වරු දෙකට කොළඹදී රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කරන බව විදුලි ඉංජිනේරු සහ අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති එන්.පී.එස්. සම්පත් පවසනවා.

ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින සියලුම වෘත්තීය සමිති ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවයි අනාවරණය වන්නේ.

විදුලි වෘත්තීය සමිති 25කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ක්‍රියාත්මක “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කර තිබෙනවා.