මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව රුපියල් මිලියන 8,000කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හරහා එම තොරතුරු අනාවරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක ද මේ බව පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම කමිටුවේ අවසන් වාර්තාවෙන් පසුව මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.