නාරම්මල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව තවත් යතුරු පැදියක ගැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (20) දින සවස් කාලයේ පොල්ගහවෙල පොලිස් වසමේ යාංගල්මෝදර නාරම්මල මාර්ගයේ නයින දෙනිය හන්දිය අසලදී යාංගල්මෝදර දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිශාවටම ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ,
එම අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා වැඩිදුර ප්රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.