කංසා භාවිතය දියවැඩියාව වැළඳීමේ අවධානම හතර ගුණයකින් වැඩි කරයි

නව අධ්‍යනයකට අනුව කංසා භාවිතා කරන පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම, කංසා භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා හතර ගුණයකින් පමණ වැඩි බව සොයා ගෙන තිබේ.

මැසචුසෙට්ස් හි බොස්ටන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඊබ්‍රාහීම් මහතා ප්‍රමුඛ පරීක්ෂණ පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය පුරා සෞඛ්‍ය සේවා සංවිධාන 54කදී ලබාගත් වෛද්‍ය වාර්තා විශ්ලේෂණය කළහ. එමඟින් ඔවුන් සොයා ගත්තේ කංසා ආශ්‍රිතව රෝගී වූ පුද්ගලයන් 96,800ක් පමණ වන අතර ඒවා භාවිතා කරන්නන්ගේ සිට ඇබ්බැහි වූවන් දක්වා මත්ද්‍රව්‍ය භාවිතය හෝ නිධන්ගත රෝග පිළිබඳ වාර්තාවක් ඇති පුද්ගලයන් 4.6කට වඩා සංසන්දනය කළහ.

එමගින් හෙළි වූයේ වසර පහක කාලයක් තුළ කංසා භාවිතා කරන්නන් විසින් 2.2%කට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳී ඇති අතර කංසා භාවිතා නොකරන අයගෙන් දියවැඩියාව වැළඳී ඇත්තේ 0.6% කට පමණි.

අධි රුධිර පීඩනය , කොලෙස්ටරෝල් , හෘද රෝග ඇති හා මධ්‍යසාර හෝ කොකේන් භාවිතය ඇති අනෙකුත් සෞඛ්‍ය අවදානම් රෝගීන් වෙන් කිරීමෙන් අනතුරුව වුවද කංසා භාවිතා කරන්නන් තවමත් ඉහළ අවධානමකට ලක් වී ඇත. කංසා භාවිතය මගින් ආහාර රුචිය,පරිවර්තී ක්‍රියාවලිය හා එන්සයිම ප්‍රතිරෝධයට බලපාන නමුත් ඒවා බොහෝ විට දුර්වල ආහාර පුරුදු සමග සම්බන්ධ වන අතර කාලයක් සමග රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට ඒ දායක වන බව සොයාගෙන තිබේ.

ඇතැම් රටවල්වල මෙම කංසා භාවිතය නීතිගත කිරීම වැඩිවීමත් සමග මධ්‍යසාර හෝ දුම්කොළ සඳහා විකල්පයක් ලෙස කංසා භාවිතා කිරීම නිසා පර්යේෂණ වලින් පෙනී යන්නේ එහි දිගුකාලීන අවදානම බොහෝ දෙනා වටහා ගන්නවාට වඩා අතිශයින් බරපතල වන බවයි.