විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ එම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි.
එසේම, වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් පුද්ගලයින් 5,100,000 පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 104,000 අතරින් පුද්ගලයින් 4,630ක්ම විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් බවට අනාවරණ වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.