දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩිංගි යාත්‍රා 35ක් සහ බහුදින ධීවර යාත්‍රාවක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය, කල්ලරාව, වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, ෆ්ලෑන්ස්ටාෆ් පොයින්ට්, නොර්වේ අයිලන්ඩ්, බොල්ඩර් පොයින්ට්, කෝකිලායි, රෙඩ් රොක්, තුඩුව, විලාවත්ත, ජයනගර්, සල්ලිමුනායි, කුච්චවේලි, අඩුක්කුපාඩු සහ කින්නියා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සාම්පූර්, වෙරුගල්, කොබේ, කුච්චවේලි, කින්නියා, මුලතිව්, මඩකලපුව, කල්මුනේ සහ යාපනය යන ප්‍රදේශවල ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.