අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් වනචීනයට අයත් කෙටි වීඩියෝ මුදාහරිනටික්ටොක් (TikTok) ගිවිසුම පිළිබඳ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂිං ජිංපිං අතර ඇමතුම් සංවාදයක් වූ බව විදෙස් වාර්තා පවසනවා.
ටික්ටොක් සමාගමේ වත්කම් ByteDance හි ඇමරිකානු හිමිකරුවන් වෙත විකුණන්නේ නැතිනම් අමෙරිකාව තුළදී මෙම ඇප් එක තහනමකට මුහුණ දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
චීන සහ අමෙරිකානු මාධ්‍ය මෙම ඇමතුම පිළිබඳ පුවත තහවුරු කර තිබෙනවා.
ට්‍රම්ප්, අමෙරිකාව තුළ ටික්ටොක් ක්‍රියාත්මකව තබා ගැනීමට වන ගනුදෙනුව අවසන් කිරීමට සහදෙරට අතර වෙළඳ යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමටඋත්සාහ කිරීම සඳහා අද උදෑසන චීන නායක ෂී ජින්පිං සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව එහි දැක්වුණා.
මෙම ඇමතුම නායකයන් දෙදෙනා අතර සජීවී හමුවීමකට වේදිකාව සකස් කළ හැකි බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
ටික්ටොක් 2025 ජනවාරි 19 සිට අමෙරිකාවේ රට පුරා නීතිමය තහනමකට ලක්ව තිබෙනවා. කෙසේවෙතත්, ජනවාරි මාසයේ සිටම ට්‍රම්ප් යළි යළිත් මෙම තහනම ක්‍රියාත්මක කිරීම කල්දැමුවා.
පසුගිය අඟහරුවාදා ඔහු මෙම තහනම බලපැවැත්වීමට නියමිත කාලසීමාව ලබන දෙසැම්බර් 16 දක්වා නැවත දීර්ඝ කිරීමට නියෝග කළා.
අමෙරිකානු සහ චීන නායකයන් දෙදෙනා අතර අවසන් වරට ඇමතුමක් හුවමාරු වී ඇත්තේ පසුගියජුනි මස මුලදීයි.
එය ද වෙළඳ සබඳතා කෙරෙහි අවධානය යොමු කළ ඇමතුමක්.