පෞද්ගලික ධනය වියදම් කර දේශපාලනයට පැමිණීම යනු, අදාළ පුද්ගලයා එන්නේ මුදල් උපයා ගැනීමේ අරමුණින් බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.
ජාතික ජන බලවේගයේ දේශපාලනය කරන්නේ ‘හිඟන්නන්’ යැයි විපක්ෂය සිතා සිටින්නේදැයි යන්න ගැටලුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ජාතික ජන බලවේගයේ පිරිස් යැපෙන්නේ ජනතා මුදල්වලින් බවද, තමන් මැතිවරණය කළේ පක්ෂයේ මුදල්වලින් බවද, සිය ගමන් බිමන් ඇතුළු සියලු වියදම් දරන්නේ පක්ෂය විසින් බවද ඔහු ප්‍රකාශ කළා.
තමා සතුව රුපියල් බිලියන ගණනක් හෝ මිලියන ගණනක් හෝ තිබුණත්, තමාගේ පෞද්ගලික මුදල් දේශපාලන වැඩ කටයුතුවලට යොදා නොගන්නා බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.