පොලිස් වට්ස්ඇප් අංකයට පැමිණිලි 9000ක්

ඍජුවම පොලිස්පති කාර්යාලය සහ සම්බන්ධ වීමට ලබා දී ඇති වට්ස්ඇප් අංකයට මේ වනවිට පැමිණිලි 9000ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් ප්‍රකාශ කළා.

එම පැමිණිලිවලින් පොලිසියට අදාළ පැමිණිලි පිළිබදව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලු‍කාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් 071 – 859 88 88 යන වට්ස්ඇප් අංකය පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.