පොත් මත පනවා ඇති 18% VAT බදු හේතුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිළ අඩු කිරීමට බාධා මතුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය පවසනවා.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවතී මාධ්‍ය හමුවකදී ඔවුන් මේ අදහස් පළ කර තිබුණා.
පොත් මත පනවා ඇති VAT බදු අඩු කරන ලෙස රජයෙන් ඉල්ලමින් පෙත්සමක් අත්සන් කිරීම සඳහා මහජනතාවට ආරාධනා කරන බවයි ඔවුන් එහිදී සඳහන් කර සිටියේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සෙනසුරාදා දිනයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.