ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු ඇතුළු පිරිස රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා, ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාව සහ ඔවුන්ට රැකවරණය ලබාදුන් බව පැවසෙන පුද්ගලයෙක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

කෑගල්ල රංවල ප්‍රදේශයේ පවතින රාත්‍රි සමාජ ශාලාවක මෙම සැකකරු සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක්ද අනියම් බිරිඳ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් සඳහා නවාතැන් ලබාදුන් බව පැවසෙන පුද්ගලයාද දුම්වැටි බණ්ඩල් 64 ක් සහ ගජමුතු කිහිපයක්ද සමගින් අත්ඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.