එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව අද (20) පැවැත්වෙනවා.
මෙම සංවත්සර සමුළුව අද පෙරවරුවේ දී ශ්රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු දේශපාලඥයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.
විපක්ෂයේ පක්ෂවලටද මේ සඳහා ආරාධනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.