අමෙරිකාවේ ජොබ්වලට පිටරැටියන් ගේන්න එපා -ට්‍රම්ප් පියවරක් ගනී

අමෙරිකාවේ සේවයේ නිරත වන , H-1B සේවක වීසා සඳහා සමාගම්වලින් වසරකටඩොලර් 100,000ක්ගෙවන ලෙස ට්‍රම්ප් පරිපාලනය පවසා තිබෙනවා.

මේ හේතුවෙන්ඇතැම් විශාල තාක්ෂණික සමාගම්වල වීසා බලපත්‍රලාභීන්ට අමෙරිකාවේ රැඳී සිටින ලෙසට හෝ ඉක්මනින් ආපසු පැමිණීමටයි අනතුරු ඇඟවෙන්නේ.

H-1B වීසා බලපත්‍රය යනු තාවකාලික, සංක්‍රමණික නොවන වීසා බලපත්‍රයක්. මෙය අමෙරිකානු සේවායෝජකයින්ට පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව වැනිවිශේෂිත වෘත්තීන්සඳහා විදේශීය සේවකයන් බඳවා ගැනීමට ඉඩ සලසන්නක්. මෙම වෘත්තීන් සඳහාඋපාධියක්හෝ ඊට සමාන සුදුසුකමක් අවශ්‍ය වනවා.

මෙම වෙනස්කම ඉන්දියාවෙන් සහ චීනයෙන් එරටට පැමිණෙන දක්ෂ ශ්‍රමිකයන් මත දැඩි ලෙස රඳා පවතිනතාක්ෂණික ක්ෂේත්‍රයට විශාල පහරක්විය හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ජනවාරි මාසයේදී බලයට පත් වූ දා සිට ට්‍රම්ප් නීත්‍යානුකූල සංක්‍රමණ ක්‍රම කිහිපයක් සීමා කිරීමට ක්‍රියාමාර්ග ගත්තා.

ඒ ඔස්සේ පුළුල් පරාසයක සංක්‍රමණ මර්දනයක් ආරම්භ කළ අතර. H-1B වීසා වැඩසටහන ප්‍රතිසංස්කරණය කිරීමට ගත් මෙම පියවර, තාවකාලික රැකියා වීසානැවත සකස් කිරීම සඳහා ඔහුගේ පරිපාලනයේ මෙතෙක් ගත් වඩාත්ම ඉහළ පෙළේ ප්‍රයත්නයක්.

වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික්පැවසුවේ, “ඔබ යමෙකු පුහුණු කිරීමට යන්නේ නම්, ඔබ පුහුණු කළ යුත්තේ අපේ රටේ ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයකින් මෑතකදී උපාධිය ලබාගත් අයෙක්”. තවද “ඇමරිකානුවන් පුහුණු කරන්න. අපේ රැකියා ගැනීමට මිනිසුන් ගෙන ඒම නවත්වන්න”.

H-1B වීසා මර්දනය කිරීමට ට්‍රම්ප්ගේ නව තර්ජනය තාක්ෂණික කර්මාන්තය සමඟ විශාල ආරවුලක් හටගනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මන්ද යත්එම කර්මාන්තය ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන ගණනකින් දායක වුණා.

Microsoft (MSFT.O), JPMorgan (JPM.N) සහAmazon (AMZN.O) වැනි තාක්ෂණ සමාගම්වලට‍ මෙය බලපානු ලබනවා.

නව ගාස්තු ව්‍යුහයන් බලාත්මක වීමට නියමිතව තිබෙන බැවින් එක්සත් ජනපදයෙන් පිටත සිටි H-1B වීසා බලපත්‍රලාභී සේවකයින්ටආපසු පැමිණෙන ලෙසඋපදෙස් දී තිබෙනවා.

එරට වීසා අයදුම්පත් හසුරුවන සමාගමක් වන ඔග්ලෙට්‍රී ඩිකින්ස් විසින් JPMorgan සේවකයින් වෙත යවන ලද ඊමේල් පණිවුඩයක දක්වා ඇත්තේ “වර්තමානයේ අමෙරිකාවේ සිටින H-1B වීසා බලපත්‍රලාභීන් රජය විසින් පැහැදිලි සංචාරක මාර්ගෝපදේශ නිකුත් කරන තුරු එක්සත් ජනපදයේ රැඳී සිටිය යුතු අතරජාත්‍යන්තර ගමන් බිමන්වලින් වැළකී සිටිය යුතුය” යනුවෙන්.

දකුණු අප්‍රිකාවේ උපත ලබා එක්සත් ජනපද පුරවැසියෙකු වන ට්‍රම්ප් හිතවතකුව සිටි බිලියනපති ඉලෝන් මස්ක් ද H-1B වීසා බලපත්‍රයක් හිමිව තිබුණා.