ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් පොළොන්නරුව නගරයේ සහ ඒ අවට ආහාර පරිහරණය කරන ආයතන ශ්‍රේණිගත කිරීමේ සහ ඇගයීමේ උත්සවයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට එක්වෙමින් කථානායකවරයා සඳහන් කළේ, වසර 40ක් වූ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක මුළුතැන්ගෙය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයකට හෝ ලක්වී නොමැති බවයි.
එම අවස්ථාවේදී ඔහු වැඩි දුරටත් පැවසුවේ, ”දැන් අපි දැක්කා ඉස්සර පොළොන්නරු දිස්ත්‍රික්කයේ අපේ ආහාර පරිහරණය කරන ආයතනවල කුස්සි වල හැටි. එහෙන් ඒ කුස්සියක් මම මේ ළඟදිත් ආයේ දැක්කා. කොහෙද කියලා හිතෙනවාද. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
පාර්ලිමේන්තුව හදලා අවුරුදු හතළිහයි. කිසිම මහජන පරීක්ෂකවරයෙකුට, කිසිම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙකුට පාර්ලිමේන්තුව අභන්තරයට ඇවිල්ලා ආහාරය check කරන තැන් බලන්න අවසරයක් දීලා තිබිලා නැහැ. ඒක වෙනම රාජ්‍යක්. මම සෞඛ්‍ය අමාත්‍යංශයට ලියලා බත්තරමුල්ලේ සෞඛ්‍ය නිලධාරීතුමත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත්, පාර්ලිමේන්තු සංකීර්ණයට ඇවිල්ලා පරීක්ෂා කරලා බැලුවා. මට වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව අපේ ගෘහ කාරක සභාවට ඉදිරිපත් කළා. මම එදායින් පස්සේ මේ සලාද එහෙම කන එකත් නතර කළා. මම හිතන්නේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දෙගොල්ලොම බඩ දඟලන්න ඇති කියලා මම හිතනවා.
මීයෝ ගිය පාරවල් තියෙනවා. කැරපොත්තෝ ගිය පාරවල් තියෙනවා. බිම කැඩිලා, පුස් හැදිලා, උයන භාජන, ඇඹරිලා, නැමිලා, දෙකට නැමිලා අර දාර අස්සේ කළු පාට තියෙන, ඇත්තටම දැක්කහම, මේ ටික තව මාධ්‍යට නිකුත් කරේ නැහැ. මම හිතන්නේ හෙට, අනිද්දා මාධ්‍යටත් ඒක එයි. මේවා එන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුවට කියන්නේ උත්තරීතර ආයතනයක්. නීති සම්පාදනය කරන තැනක්. හිතන්නකෝ පාර්ලිමේන්තුවේ විශේෂ පනතක්, තුනෙන් දෙකේ හරි සම්මත වෙන දවසට ඔක්කොටම මන්ත්‍රීවරුන්ට බඩ එළියවත් යන්න පටන් ගත්තොත් බරපතල ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම රටක අපි ඉන්නේ. ඉතින් ඒවා එනකොට නිලධාරීන් අපිත් එක්ක බොහොම සතුටෙන් තමයි ඉන්නේ.
ඒ හින්දා තමයි මේ දවස්වල කථානායකවරයාටත් එක එක කතන්දර කියනවා. PHIත් කියනවා මට” යනුවෙන්.