“ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි එකතුවෙමු” යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
විපක්ෂ නායකයින් නිහඬ කරවා ඒකාධිපතිවාදය ගොඩනගන්න කරන උත්සාහ පරාජය කරන්න අපි සැවොම එක්වෙමු, පෙළගැසෙමු යැයි ද හෙතෙම සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ කොළඹදී පැවැති “එකට සිටගමු” තේමාවෙන් යුතු එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සමුළුවේදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා මෙසේද ප්‍රකාශ කළා.
“මම කැමැතියි එකක් යෝනා කරන්න. අපි 1975 කරපු එකක් මම කියනවා. ඔක්කොම පක්ෂ එකතු වෙලා මේ මුළු රට තුළම රැස්වීම් 1000ක් තියමු..ආසනයකට හතරයි, පහයි තියෙන්න ඕන. අපි එකතු වෙලා ගිහින් ගමේ මේ හැම පක්ෂම එක්කෙනෙක් එකට එකතු වෙලා ඒ රැස්වීම තියෙනවා නම් කී දෙනෙක් එනවද? ඒකෙන් එන බලවේය බලන්න. බාගදා පොලිසිය දා ඒවා නවත්තන්න හදයි. බයවෙලා. අපි ඒක කරමු. මෙතනින් නවතින්න බෑ. ඊළඟ පියවර අපි ගන්ඩ ඕනේ. එකේ කාලය. මට මතකයි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක අපි එදා සත්‍යාග‍්‍රහ ව්‍යාපාරයේ ගියා. මෙතන ඉන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක පාදය යාත්‍රා ගිය අය. මේවායින් නේ පටන් ගත්තේ. වෙනින් ඒවායෙන් නෙමෙයිනේ. මේ ගමන යන්න ඕනේ. ඒ නිසා ගමන ගෙනියමු. ඩබල් ඩෙකර් එක බස් එක ගේමු. අපි ඉදිරියට යමු. එකතු වෙමු. එකතු වෙමු. එකතුව වෙමු.”