අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී, එම නඩුව විභාග කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නිවාඩු ලබා සිටීම හේතුවෙන්, නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, සැකකරු ශෂීන්ද්‍ර රාජපක්ෂ එම දිනය තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම වූ අතර, එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 මැයි 9 වැනිදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු, ඒ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිල බලය යොදා බලපෑම් කර, රුපියල් 8,850,000 ක වන්දි ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කිරීම සහ මහවැලි අධිකාරියට අයත් දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.