ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු බදුල්ලෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යෑම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බවයි බදුල්ල දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන සියල්ල එක් කරගනිමින් මෙම කටයුතු සිදු කරන බවත්, ඉදිරියේදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් එම කටයුතු සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.