ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට 01 මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය හා හොරණ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.