නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් පන්නිපිටියේ නිවසක රහස් කතාබහක

පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක් පසුගිය බදදා(17) රෑ පන්නිපිටිය පැත්තෙ ගෙදරකදි හමු වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරිවසම්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න, ලක්ෂ්මන් යාපා, තේනුක විදානගමගේ ඊට සහභාගි වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

.තවත් විශේෂ පුද්ගලයෙක් එතැනට පැමිණ තිබෙනවා.

ඔහු රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් දරලා මෑතකදී විශ්‍රාම ගිය කෙනෙක් …

“ජාතික සංවිධායකතුමා,මේ හිටපු ලේකම්තුමා ආවෙ ඔබතුමත් එක්ක ටිකක් තනියම කතා කරන්න”.සංජීව එදිරිමාන්න හිටපු ලේකම්වරයා ආවේ ඇයි කියල නාමල්ට කිව්ව..

‘කොහොමද ඉතින් මට සංජීව අයිය කියල තිබුණ ඔබතුමා අලුත් වැඩක් ගැන හිතමින් ඉන්නෙ කියල’. නාමල් හිටපු ලේකම්වරයා පිළිගනිමින් කිව්ව.

දෙන්නගෙ සාකච්ඡාව ඉවර වෙලා එළියට එද්දිම නාමල් සාගරට මෙහෙම කිව්ව

“මහලේකම්තුමා, මෙතුමා අපිත් එක්ක වැඩ කරන්න කැමතිලු”.කොළඹ ඉඩ තියෙනව නේද?.

“හරි හරි අපි අවස්ථාව දෙමු” .මෙතුමා ඉතින් වටින මනුස්සයෙක්නෙ සාගර එහෙම කිව්වෙ හිටපු ලේකම්වරයා වැළදගනිමින්…

ඔහු කවුද කියල හෙට අනිද්දා වෙද්දි ආරංචි වෙයි