ඩිජිටල්කරණය හරහා නටබුන් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
“අද අපේ රටේ පුරවැසියන් අපේ රාජ්‍ය සේවය පිළිබඳ තෘප්තිමත් නැහැ. ඒක අපි පිළිගත යුතුයි. ඒ නිසා තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබා දෙන්න නම්, නව පද්ධතීන් නිර්මාණය කොට මෙහි කාර්යක්ෂමතාවය සහ ප්‍රතිඵලය ජනතාවට ලබා දිය යුතුයි.”
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ සිදුකර සිටියේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025 – 2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.
රාජ්‍ය යාන්ත්‍රණයේ ගැඹුරුතම අර්බුදයක් බවට පත් වී තිබෙන විනිවිදභාවය පිළිබඳ ගැටලුව විසඳීම සඳහා ද ඩිජිටල්කරණය විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී අපේක්ෂා පළ කළා.