සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 18 සිට සිදු කෙරේ

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 වන දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමය (online) මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස, අදාළ උපදෙස් කියවා, ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.news images