ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යනු ලබන ආයතන 37ක් දවසේ පැය 24 පුරාම නිරීක්ෂණය කරමින් ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනා ගැනීම සඳහා වන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) විවෘත කිරීම සිදු කෙරුණී.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයෙහි මෙම ජාතික සයබර් ආරක්ෂණ මෙහයුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.