සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ් කිරීමට නියෝග

සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, ඔක්තෝම්බර් 02 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග තිබෙනවා.

රුපියල් කෝටි 07 ක රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බවයි සඳහන් වෙන්නේ.

ඔහු අද (18) දිනයේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.