මේ වසරේ සිදු කිරීමට නියමිත 03 වැනි විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම අද සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙම වසරේ අවසන් කාර්තුව සඳහා විදුලිය ගාස්තුව 6.8% කින් වැඩි කළ යුතු බවට වූ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා.
අද දිනයේදී නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී මෙම අදහස් විමසීම පැවැත්වෙන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.