රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් ජාත්‍යන්තර මට්ටමෙන් සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ රජයේ තීරණය යටතේ, තවත් දුම්රිය ස්ථාන 05 ක් නවීකරණයට තෝරාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව, පානදුර, වාද්දුව, කළුතර දකුණ, බේරුවල සහ අලුත්ගම යන දුම්රිය ස්ථාන ඒ සඳහා තෝරාගෙන ඇති බවයි ඊයේ (17) කළුතර දිස්ත්‍රික් ප්‍රවාහන හා මහාමාර්ග කමිටු රැස්වීමේදී ඔහු සඳහන් කර සිටියේ.
මෙම දුම්රිය ස්ථානවල උසස් ප්‍රමිතියෙන් යුතු වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වන අතර, ඩිජිටල් පුවරු ද සවි කිරීමට නියමිත බව සඳහන්.
කළුතර දිස්ත්‍රික්කයේ මෙම දුම්රිය ස්ථාන සියල්ල සංචාරක කලාප තුළ පිහිටා ඇති නිසා, ඒවායේ නවීකරණ කටයුතු සඳහා ආශ්රිත සංචාරක හෝටල් සහ ව්‍යාපාරික ආයතනවල දායකත්වය ලබා ගන්නා ලෙසට අමාත්‍යවරයා එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.