ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.
එම භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.